Thursday, November 24, 2016



                                                         බැක්ටීරියා අධිරාජධානිය

බැක්ටීරියාවන්ගේ ආවේණික ලක්ෂණ
        i.            ප්‍රාග් න්‍යෂ්ටික ජීවීන් වේ.
      ii.            ප්‍රභා ස්වයංපෝෂී හෝ රසායනික ස්වයංපොෂී හෝ විෂමපෝෂී වේ.
   iii.            චල හෝ අචල ජීවීන් වේ.
    iv.            ඒක සෛලික හෝ ගණාවාස සාදයි.
      v.            සෛල විභාජනය තීර්යක් ද්වීඛණ්ඩනය මගිනි.
    vi.            ප්ලාස්ම පටලයේ තරල විචිත්‍ර ව්‍යුහයක් ඇත.
 vii.            සෛල බිත්තිය පෙප්ටිඩෝ ග්ලයිකෑන් වලින් සමන්විතය.
viii.            රයිබසෝමීය ප්‍රෝටීන හා RNA පොලිමරේස් ඉයුකරියාවන්ගේ                       
           (සූ න්‍යෂ්ටිකයන්ගේ)    RNA පොලිමරේස් හා ප්‍රෝටීන වලට වඩා වෙනස්ය.
           උදා:- කොකුස බැක්ටීරීයා
                      බැසිලස බැක්ටීරීයා

සයොනොබැක්ටීරීයවන්ගේ ආවේණික ලක්ෂණ
        i.            ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් වේ.
      ii.            ප්‍රභා ස්වයංපොෂීන් වේ.
   iii.            බොහෝමයක් ඒක සෛලික වේ. නමුත් සමහරු එකට සම්බන්ධ වී නානු කොපුවකින් වට වූ සූත්‍රිකා සාදයි.
    iv.            ප්‍රභා සංස්ලේෂක වර්ණක ලෙස ක්ලොරොෆීල් a සහ ෆයිකොසයනීන් දරයි.
      v.            සමහර අයට වායුගෝලීය N2 තිර කිරීමේ හැකියාව ඇත.
            උදා:- Anabaena
                      Nostoc
                      Lyngbya 

Tuesday, September 13, 2016

                                                   අස්ථි පටකය

අස්ථි පටකයේ වය්‍යුහය 
 
අස්ථි පටකය මිනිසාගේ දේහයේ වූ විශේෂ සම්භන්ධක පටකයකි. එසේම එය මිනිස් දේහයේ වූ ප්‍රධානතම කංකාල පටකයයි. මෙය කැල්සියම් හා පොස්පරස් වලින් යුත් හයිඩ්‍රොක්සි ඇපටයිට් නැමති සංයෝගයෙන් සෑදුණු පූරකයකින් සමන්විත වේ. එම අකාබනික සංයෝගය 70% පමණ ඇති අතර පුරකයේ ඉතිරි 30% කාබනික ද්‍රවය්‍ය වලින්සමන්විතය. කාබනික ද්‍රවය්‍ය ලෙස බහුලව ඇත්තේ කොලැජන් හා ඔසෙයින් යන ප්‍රෝටීනයි. අස්ථි පටකයේ ප්‍රධාන ආකාර 2ක් ඇත. එනම් සුසංහිත අස්ථිය හා සවිවර අස්ථියයි. දිගු අස්ථියක දෙකෙළවර වූ අපිවර්ධ වල සහ අස්ථි දණ්ඩේ මැද වූ මජ්ජා කුහරය වටා තුනී ස්ථරයක් ලෙස සවිවර අස්ථිය පවතී. අස්ථි දණ්ඩ කොටසේ සවිවර අස්ථියට පිටතින් සුසංහිත  අස්ථිය පවතී.

සුසංහිත අස්ථිය ඉතාමත් ඝන හා ශක්තිමත් වේ. සුසංහිත අස්ථිය තුළ සිරස් නාල පවතින අතර ඒවා හැවසීය නාල ලෙස  හදුන්වයි.  ඒවා තුලින් ධමනි , ශිරා , වසා වාහිනී හා ස්නායු ගමන් කරයි. හැවසීය නාලයක් වටා ඒක කේන්ද්‍රිය වලයන් ලෙස ගර්තිකා පවතී. ගර්තිකා කුඩා ප්‍රසර මගින් එකිනෙක සම්භන්ධ වී පවතී. ගර්තිකා වලයන් අතර වූ පූරකය සූස්තර  ලෙස හදුන්වයි.සුසංහිත අස්ථිය තුළ මෙවැනි හැවසීය  පද්ධති රාශීයක් දැකිය හැක. වෝක්මන් නාල මගින් හැවසීය නාල  මගින් හැවසීය නාල හරස් අතට සම්බන්ධ කරයි. සුසංහිත අස්ථියේ පර්යන්ත ප්‍රදේශයට වන්නට බාහිර අස්ථි ආවරණය ඇත. එය කොලැජන් තන්තු සහිත සම්බන්ධක පටකයකි. බාහිර අස්ථි ආවරණයට වහාම ඇතුලතින් සුසංහිත අස්ථිය තුළ ඔස්ටියෝබ්ලාස්ට සෛල පවතී. ඒවා මගින් සක්‍රිය ලෙස අස්ථි පූරකය ස්‍රාවය කරනු ලබයි.

සවිවර අස්ථිය තුළ කුහරමය වය්‍යුහ දැකිය හැක.එම කුහර තුළ රතු ඇටමිදුලු පවතී. ඒවයේ රුධිර සෛල නිපදවයි. එම කුහර එකිනෙකට සම්බන්ධ අතර ඒවා මජ්ජා කුහරයටද සම්බන්ධය. මෙම කුහර අතර පවතින අස්ථිමය ප්‍රදේශ හදුන්වන්නේ මාවර ලෙසය. ඒවයේ ගර්තිකා තුළ වූ ඔස්ටියෝසෛට සෛල දැකිය හැක. නමුත් ඒවා හැවසීය පද්ධති ලෙස සංවිධානය වී නැත. එනම් සවිවර අස්ථිය තුළ හැවසීය නාල හෝ වෝක්මන් නාල නැත. මෙහි වූ අස්ථි මාවර තුළ ඔස්ටියෝක්ලාස්ට සෛලද පවතී. මෙම සෛල වල ලයිසොසෝම අධික වන අතර ඒවායේ ඇසිඩ්පොස්පේට් නැමති එන්සයිමයක් ඇත. මෙම එන්සයිමය මගින් අස්ථි පූරකය දිය කල හැක.සවිවර අස්ථියේ ශක්තිමත්භාවය සුසංහිත අස්ථියට සාපේක්ෂව අඩුය. 

අස්ථියේ මැද වූ මජ්ජා කුහරයේ රතු ඇටමිදුලු සහ කහ ඇටමිදුලු ඇත. රතු ඇටමිදුලු රුධිර සෛල නිපදවයි. කහ ඇටමිදුලු මේදය ගබඩා  කරයි.